අධිකරණය හමුවේ වරද පිළිගනී - 2019 වනාතවිල්ලුව සිද්ධියේ සැකකරුවන්ට ලැබුණු දැඩි දඬුවම මෙන්න
By Kanchana
2019 වසරේ වනාතවිල්ලුව, වත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කර ඇත.
අදාළ චෝදනාවලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර සහ රශ්මි සිංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම දඩුවම් ප්‍රකාශයට පත් කර තිබේ .