අණ නොතකා පළායාමට උත්සහ කළ යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට

Navy Vessels
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

නාවික හමුදාවේ අණ නොතකා පළායාමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් අද (31දින සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කළේ.

ගාල්ල ධීවර වරාය ආශ්‍රිත මුහුදේ අද (31) උදෑසන යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකට පරීක්ෂා කිරීමේ සංඥා නාවික හමුදා නිලධාරීන් විසින් නිකුත් කර ඇති අතර එහෙත් අදාළ යාත්‍රාව ගොඩබිම දෙසට යාත්‍රා කර ඇති අතර පසුව නාවික හමුදාව එය සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර පළාගිය පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අනතුරුව එම යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එම යාත්‍රාව මේ වනවිට දැඩි පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර එහි මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී දෙයක් පවතින බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.