ප්‍රසිද්ධ දේවාලයක සහ විහාරස්ථානයක සියලුම පිං කැටවලට මුද්‍රා තියලා..
නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබෙනවා.
ඒ ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ය.
මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තැබීම සම්බන්ධයෙන් නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා කියා සිටියේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවයි.
මේ අතර මෙම මුද්‍රා තැබීම සිදුකර ඇත්තේ වංචා සහගත මුදල් අවභාවිතාව නිසා ලද පැමිණිලි මත කරන ලද පරික්ෂණ අනුව බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටටම මේ සම්බන්ධව පැමිණිලි ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, සිදුවන වංචා සහගත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විසින් විහාර දේවාලගම් ආඥා පනතේ 15(1),15(2)15(3),15(4) යන වගන්ති යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිත පැමිණිල්ලක් ද සිදුකර තිබෙන බවයි වාර්තා වේ.
