නාට්‍ය, ප්‍රාසාංගික කලා මංගල්‍යයන්ට නව පණක් දෙන්න ජාතික වැඩපිළිවෙලක් - කැබිනට් අනුමැතිය
නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය ජාතික මට්ටමින් මෙන්ම ප්‍රදේශීය මට්ටමින් ද පුනර්ජීවනය කිරීම, ප්‍රාදේශීය කලාකරුවන් සවිබල ගැන්වීම හා අනාගත පරම්පරාවන් වෙත සංස්කෘතික උරුමය දායාද කිරීම යන අරමුණු සහිතව යෝග්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වාර්ෂික අයවැයෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ විෂය ක්ෂේත්‍ර 09ක් නියෝජනය කරමින් අනුමණ්ඩල 09ක් ක්‍රියාත්මක වුව ද ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් එම අනුමණ්ඩලවල ක්‍රියාකාරකම් සීමා වී තිබීම මත ඒවායේ කටයුතු බොහෝ දුරට ජාතික මට්ටමට හා අගනගරයට සීමා වුණි.
තවද වර්තමානයේ ප්‍රේක්ෂකයින් අඩු වීම, නව නිෂ්පාදන පහත වැටීම, ශාලා හිඟකම සහ සමාජ මාධ්‍යවල තරගකාරිත්වය හේතුවෙන් නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව වී ඇත.
එකී ප්‍රතිපාදන යොදා ගනිමින් පහත සඳහන් පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එහි අරමුණු බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ඇති අනුමණ්ඩල 09 නියෝජනය කරන විෂය ක්ෂේත්‍ර ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම. රාජ්‍ය නාට්‍ය උලෙළ වඩාත් විචිත්‍රාංගීකරණය කරමින් පැවැත්වීම සහ නව නාට්‍ය නිර්මාණ හා රංගගත කිරීම් දිරිගැන්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
බහු සංස්කෘතික මධ්‍යස්ථාන පදනම් කර ගනිමින් බහු සංස්කෘතික කලා මංගල්‍යයන් පැවැත්වීම. සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ගොඩනගන ලද සිනමා පර්ෂදවලට පහසුකම් සැලසීම.