"..ප්‍රිහාන් ටික කාලෙක ඉඳන් මාත් එක්ක මොකුත් කරන්නේ නෑ. එයාට ඕනි නැත්තම් ඉතින් මට ඕනිත් නෑ." නතාෂා පෙරේරා..(PHOTOS) .

Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 20, 2022 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගායිකාවක් දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයෙන් දැක බලාගන්නට පුළුවන් වූ අපූරු සුරූපී කලාකාරිනියක් තමයි නතාෂා පෙරේරා කියලා කියන්නේ. ඇය ගොඩක් පුංචි කාලේ ඉදන් තමයි කලා ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්නේ. සුළඟක් වී මං යනවා යන ගීතය ගායනා කිරීමත් සමගම පුංචි ගායිකාවක් විදිහට ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.ගායිකාවක් කරන්න ගොඩක් උවමනා වෙලා තියෙන්නෙ නතාෂාගේ ආදරණීය මවට. ඉතින් දැන් අයට ලස්සනට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඒ වගේම පුංචි දරුවන්ගේ ළමා කාලය හැඩ කරපු අපූරු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතෙ විදියට ඇය රංගනයෙන් දායක වුණා.කලාවට අමතරව වෘත්තියෙන් ඇය නීතිඥවරියක් විදියට කටයුතු කරනවා.

රංගනය තුල මෑතකදී දකින්න නොලැබුණු නතාෂා මාධ්‍යට විස්තර කියලා තිබුනේ මෙහෙමයි. කුඩා කාලයේ ඉඳලා කලාවට මන් ගොඩක් ආදරේයි. දඟ මල්ල කියන්නේ මගේ ජිවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. ඒ තුලින් මම ජනප්‍රිය වුනා වගේම ගොඩක් අය මට ආදරේ කරන්න පටන් ගත්තා. එම නිර්මාණයෙන් මට හොඳම ළමා නිලියට හිමි රාජ්ජය සම්මානයත් දිනාගන්න හැකියාව ලැබෙනවා.පහුගිය වසර දෙක තුනේ ලංකාවෙත් එලියට බැහැලා වැඩක් කරන්න පුලුවන් තත්වයක් තිබුනේ නැහැනේ. කරන්න හිටිය වැඩත් කල් දාන්න සිද්ද වුනා, ටික කාලයක් නිර්මාණ කරන්නේ නැතුව හිටියේ මගේ නිති උපාදිය සම්පුර්ණ කරගන්න ඕන නිසා අධ්‍යාපනයට මුල් තැන දීලා හිටියේ. සැබෑ ජීවිතෙත් මම හරිම සරල සාමාන්‍ය විදියට ජිවත් වෙන්න කැමති කෙනෙක්.

විශේෂයෙන් අනිත් අයගේ දේවල් හොයන්නේ නැහැ එහෙම හොයන්න මට වෙලාවකුත් නැහැ. මට හොඳ හදවතක් තියනවා උදව්වක් මිසක් ඉරිසියාවක් කරන්නේ නැහැ.නතාෂා විවාහ වෙන්නේ ක්ෂේත්රය අති දක්ෂ ගායකයෙක් වන ප්‍රිහාන් සමඟයි.ඔහුත් එක්ක විවාහ වුණාට පස්සේ ඇය ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචියට යනවා. නමුත් මෑත කාලීනව නැවත වතාවක් ලංකාවට එන්න ඇයට සිද්ධ වෙනවා.කෙසේ නමුත් විවාහ වුණත් තමන්ගෙ ආදරණීය සැමියා ප්‍රිහාන් සමග එකට ඉන්න ඡායාරූප ඇය නිතර සමාජ මාධ්‍ය වලට මුදා හරින්නෙ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ ඇය සහ ඔහු විවාහයෙන් වෙන් වෙලා ජීවත් වෙනවා කියලයි.

නතාෂා නම් කියන්නේ තමාගේ පෞද්ගලික ජීවිතේ දේවල් ඒ විදිහට සමාජ මාධ්‍ය වල හුවමාරු කරගන්න ඇය එතරම් කැමති නැහැ කියලයි. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් හිතන ප්‍රශ්නයක් විදිහට බොහෝ දෙනෙක් අහනවා ඇයි ඇයයි ප්‍රිහානුයි එකට එකතුවෙලා ගීතයක් නිර්මාණය කරන්නේ නැත්තෙ කියලා.එක්තරා දවසක යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් නතාෂා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.එයා මාත් එක්ක මුකුත් කරන්නෙ නැහැ. ඇත්තටම මට ඒක හිතාගන්න බැහැ. එයාට ඕන නැත්නම් මට ඕනෙත් නැහැ. ඇය ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ. ඒ වගේම තමයි එක්තරා අවස්ථාවක මේ ප්‍රශ්නයට ම පිළිතුරු දෙන නතාෂා සඳහන් කරන්නේ දෙදෙනාම කලාකරුවන් උනාට ක්ෂේත්‍රයට ආවේ දෙන්නම පාරවල් දෙකකින් නිසා ස්වාධීනව කටයුතු කරන්න තීරණය කරනවා කියලයි.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery