මෙරට බැංකු පද්ධතිය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Financial crisis
By Sewvandhi Mar 24, 2023 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ,ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බවයි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණදෙන අභියෝග ගැන.මේ නිසයි අපේ වාණිජ බැංකු වුවත් ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. 

ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුකළ යුතුයි. නියාමනයටද කෙතරම් වේගයකින් අභියෝගයකදී මැදිහත්විය හැකිද යන්නත් වැදගත්වනවා. අප පසුගිය සතිය තුළත් ගෝලීය බැංකු පද්ධති මුහුණදුන් එවැනි අවස්ථාවන් දුටුවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ දුෂ්කරතාවන් රැසක් පැවැතුණු අතර මෑත කාලයේ වුවත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් පැවැතුණා.එහෙත් එම අර්බුද හමුවේ වුවුද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරතාවයක් පවත්වාගත හැකි බව මට විශ්වාසයි."   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now