පුද්ගලයෙකු මරා දමයි ! ඝාතකයින් තවමත් නිදැල්ලේ ...

Report

දෙමටගොඩ පොලිස් වසමේ මහවිල ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබෙනවා.   

අදාළ පුද්ගලයා හට පොලු වලින් පහර දී ඝාතනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.   ඊයේ (13) සවස් කාලයේදී මෙම ඝාතනය සිදු කොට ඇත. 

පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා වැටී සිටින බවට දෙමටගොඩ පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණ අතර ඒ අනුව, රාත්‍රී ජංගම සංචාර සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.   

මිටියාගොඩ ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු

මිටියාගොඩ ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු

පසුව තුවාල ලබා වැටී සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ. 

කෙසේ වෙතත් අදාළ ඝාතනයට ලක් වූ පුද්ගලයා ගුවන් පාලම අසල රැඳී සිටි ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.   

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ පොලුවලින් පහර දී මෙම මරණය සිදු කර ඇති බවයි.   

මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

විශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා…

විශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා…