අතරමැද නැවතුන IPL යළි ඇරඹෙන දිනය මෙන්න..
By R.rishma
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, තරගාවලියේ ඉතිරි තරග බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ප්‍රදේශවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
පළමු තරගය ලෙස මැයි 17 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනු ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැයි 9 වැනිදා තරගාවලිය සතියක කාලයකට අත්හිටුවන ලදී.