සුඛෝපභෝගී රථයක් මවක් බිලි ගනී

Sri Lanka Police Death Sinhala news
By Hashan May 14, 2025 05:32 AM GMT
Hashan

Hashan

Report

පිළියන්දල මඩපාත බට- කැත්තර ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයකට කාන්තාවක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.  අනතුරින් බරපතළ  තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51ක් හැවිරිදි තිදරු මවකි. ඇය ඇගලුම් ආයතනයක සේවය කරන කාන්තාවක් බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැද වූ වරලත් ගණකාධිකාරිවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

අනතුරින් මියගිය කාන්තාව රැකියාව අවසන් වී බටකැත්තර ප්‍රදේශයෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට මාර්ගය හරහා මාරුවීමේ දී මඩ පාත දෙස සිට පුවක්ගස් හන්දිය දෙසට ධාවනය වූ සුඛෝභෝගී මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ. 

බරපතළ තුවාල ලද කාන්තාව සැකකාර රියදුරු විසින්ම පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මද වේලාවක දී තුවාලකාරිය මිය ගොස් තිබෙනවා. 

රියදුරගේ අපරික්ෂකාරී සහ නොසැලිකිලිමත් රිය ධාවනය නිසා අනතුර සිදු ව ඇති බවයි පොලිසිය පවසා සිටියේ.   

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර පිළියන්දල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

විකෘත්ති ලිංගික ආසාවන්... හොඳ ද?... නරක ද?...

විකෘත්ති ලිංගික ආසාවන්... හොඳ ද?... නරක ද?...

ReeCha