මිල වැඩියි.. කව්රුත් ගන්නේ නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

Report

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා සහ ප්‍රියස් මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල ඉතා ඉහළ යාම නිසා ආනයනකරුවෝ ඒවා ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම ඉහළ බදු අනුපාත හේතුවෙන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

කෙසේ වුවත්, වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

ආනයනකරුවෝ වැඩි අලෙවියක් ඇති වාහන ආනයනයට උනන්දු වන අතර, මධ්‍යම පාන්තිකයන් වැඩිපුර භාවිත කරන වාහන ආනයනයට එතරම් උනන්දුවක් නොදක්වති.

විකෘත්ති ලිංගික ආසාවන්... හොඳ ද?... නරක ද?...

විකෘත්ති ලිංගික ආසාවන්... හොඳ ද?... නරක ද?...