රටටම සුභ ආරංචියක් - මහා බැංකු අධිපති දැනුම්දෙයි..IMF පැමිණෙන දිනයත් කියයි

By Sewvandhi Aug 18, 2022 06:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඉදිරියේදී උද්ධමනය අඩුවෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

"උද්ධමනය 60%ක් වැඩියි කියන එක පිළිගන්නවා." "විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවෙලා. රට තුළ බැංකුවල යම් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙනවා. ආනයන වියදම අඩුවෙලා. අපනයන ආදායම වර්ධනය වෙලා."

 එමෙන්ම,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහබැංකුවේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now