මෙරටට වාහන ගෙන්වන අයගේ නම් ගම් ඇතුළු තවත් තොරතුරු රැසක් ප්‍රසිද්ධ කිරීමට සැරසෙයි.

Ranil Wickremesinghe Sri Lanka
By Wayomi Mar 22, 2023 11:00 AM GMT
Wayomi

Wayomi

Report

සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය, ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, අද (22) දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව ප්‍රකාශ කරන අතරවාරයේයි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW