නාමල්ගේ ජීවිතයේ අමතක නොවන මතක සටහනක් එක්කළ සිදුවීම් 02... සිය ෆේස්බුක් ගිණුමෙහි අපූරු සටහනක් තබයි.(PHOTOS)
අපේ ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ, ඔබට ස්තුතියි..." - විවාහ සංවත්සරය සහ පුතුගේ උපන්දිනය ගැන සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් තැබු ආදරණීය සටහන
නාමල් රාජපක්ෂ කියලා කියන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම වත්මන් රජයේ ප්‍රබල තනතුරු රැසක් දරණ, කැබිනට් අමාත්‍යවරයෙක්.
තරුණ ප්‍රජාව සහ ක්‍රීඩාව සමඟ ඉතා සමීපව සිටින කෙනෙක් නිසාමයි, වත්මන් රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැඩ කටයුතුත් ඔහු ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ.
සැප්තැම්බර් 12 කියන්නේ, අමාත්‍යවරයාගේ ජීවිතයේ සුන්දරම දිනයක්.
ඒ්, තමා ඔහුගේ විවාහ සංවත්සරය සහ කේසර පුතුගේ උපන්දිනය එකම දවසක යෙදි තිබීම.
ඉතිං, මේ ගැන සඳහන් කරලා නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙහි අපූරු සටහනක් තබා තිබුණා.
"ලිමිණිගෙත් මගෙත් විවාහ සංවත්සරය හා අපේ පුතු කේසරගේ ජන්ම දිනය යන මාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථා දෙකක් එකම දිනයක යෙදී තිබිම ගැන මා අතිශය සතුටට පත්වනවා.
මාගේ ආදරණීය බිරිඳ ලිමිණි, ඔබට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!!
ජිවිතය පුරාවටම ශක්තියක් වෙමින් ලිමිණි , ඔබෙන් ලැබෙන හැම සහයෝගයකටම ස්තුතියි.
අපේ ගෙදර ආදරය, සෙනෙහස වැඩි කරපු ආදරණීය කේසර පුතුට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!!
මගෙත් ලිමිණිගෙත් ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ , ඔබට ස්තුතියි..."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |