'' මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා '' ඇමති නලින්ද කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවෙදි ඇය ඉල්ලා අස්වෙනවා . නමුත් ඇය ඉල්ලා අස්වෙන්නට කළින් ඇය සම්බන්ධව විනය පියවරක් ඇයට එරෙහිව පියවරක් හෝ ප්‍රකාශයක් කළේ නැත්තේ ඇයි කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇයගේ පුතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවන විට ,බන්ධනාගාර ගත්වන විට මේවා ගැන දැනන් හිටියෙ නැද්ද ? .බුද්ධි අංශයෙන් වත්, පොලීසියෙන් වත් මේවා ගැන දැනුවත් කළේ නැද්ද ? යනුවෙන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් එතුමා මෙම අදහස් පළකර තිබේ.
අත් අඩංගුවට ගන්නා සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍යයේ පළකිරීම සම්බන්ධව පොලිස්පති නිළ කාර්‍යාලය විසින් චක්‍රලේඛ නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් 5 . ඔබ කිව්වා වගේම මීට කළින් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. පොලිසියට ප්‍රශ්ණයක් වෙලා තිබුණේ අධිකරණ කටයුතු වලට බාධා වන අයුරින් වීඩියෝ , ජායාරූප සමාජ මාධ්‍යයේ සැරි සැරීම .මෙම සිදුවීමට කළින් තමයි මේවා ආන්දෝලනයට ළක් වුණේ .මන්ත්‍රීතුමියගේ ප්‍රශ්ණයත් එක්ක නෙමේ. මින් ඉදිරියට එහෙම දේවල් නොවෙන්නයි අපි කටයුතු කරගෙන යන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා .මන්ත්‍රී වරයෙක්ගේ පුතෙක්ද ඒවා අදාළ නැහැ . එළිදරව් වන සාක්ෂි මත තමයි ඉදිරි කටයුතු සිදු කරන්නේ.
[