සෞඛ්‍ය තොරතුරු විශ්වාස තව තහවුරු කළ යුතුයි - ඇමති නලින්ද
ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය තොරතුරු කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට සෞඛ්‍ය සේවයේ නියුතු සියලු දෙනා කැපවිය යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කෙළේය.
ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් දිගුකාලීන ආයෝජනයක් මෙන්ම පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා අඛණ්ඩ සහායක් ලබාදීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) පැවති "2026 ලෝක සෞඛ්‍ය දිනය" නිල සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් - ගුවන් සේවයෙන් කිසිදු විටක මෙවැනි තොරතුරු ඉල්ලන් නෑ ප්‍රවේශමෙන්
ඔහු මෙම අවස්ථාවට සහභාගී වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙනි.
ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව සංවිධානය කළ මෙම සැමරුම මෙවර පවත්වන ලද්දේ “Together for Health: Stand with Science” (සෞඛ්‍යය සඳහා එක්වෙමු: විද්‍යාව සමඟ නැගී සිටිමු) යන තේමාව යටතේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විද්‍යාව පෙරදැරි කරගෙන ලබන ජයග්‍රහණ රටේ අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ ප්‍රධාන අභිලාෂය බව ද සඳහන් කළේය.