ඉරාකයේ ගුවන් කලාපය යළි විවෘත කරයි
කලාපයේ ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ඉරාකය සිය ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි විවෘත කර තිබෙනවා.
මින් පසු කලාපයේ ප්රධාන ගුවන් ගමන් මාර්ගයක් ඔස්සේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමි වෙනවා.
අනුමත රෙගුලාසි සහ ආරක්ෂක ක්රියා පටිපාටිවලට යටත්ව ඉරාක ගුවන් තොටුපළවල් වෙත පැමිණෙන, පිටත්ව යන සහ ඉරාක ගුවන් සීමාව හරහා ගමන් ගන්නා සියලුම සිවිල් ගුවන් ගමන් සඳහා අවසර දෙන බව ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්රකාශ කර තිබෙනවා.