අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර දරුණු ගැටුමක් -10 දෙනෙකුගේ පන්ති තහනම්
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් 04 වැනිදා රාත්‍රියේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් (DJ) අතරතුර, එම ස්ථානයට කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් පැමිණීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් - ගුවන් සේවයෙන් කිසිදු විටක මෙවැනි තොරතුරු ඉල්ලන් නෑ ප්‍රවේශමෙන්
සිද්ධිය පාලනය කිරීම සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් මැදිහත් වී ගැටුම සමථයකට පත් කර තිබේ.
මූලික විමර්ශනවලින් අනතුරුව, ගැටුමට සම්බන්ධ වූ බවට හඳුනාගත් කළමනාකරණ පීඨයේ තෙවන සහ සිව්වන වසරවල සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරිය තීරණය කළ අතර ඔවුන්ව වහාම විශ්වවිද්‍යාලයෙන් බැහැර කර නිවෙස් බලා යැවීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.