විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දෙමින් නැවත නැවතත් ලෝකයට මනුස්සකම පෙන්වූ යුද හමුදා සෙබළා

Report

කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියැන්මාර ජාතින ස්වාමීන්වහන්සේ නමකට අයත් මුදල් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් නැවත ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු සමාජයට භාරදීමට කටයුතු කර තිබේ.

 පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදී මියන්මාර ජාතික ඤානෝ ස්වාමීන් වහන්සේට අයත් රුපියල් 80,000ක මුදලක් සහ වැදගත් ලියකියවිලි රැසක් අඩංගු මුදල් පසුබියක් පසුගිය 06 වැනිදා මෙලෙස අස්ථානගත වී තිබුණි.

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් රත්නායක කේ.කේ.පී.කේ. විසින් බස් රථයේ තිබී මෙම පසුම්බිය සොයාගෙන ඇත.

සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් රනිල්ගේ සුව දුක් බලන්න යයි

සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් රනිල්ගේ සුව දුක් බලන්න යයි

ඉන්පසුව මෙම යුද හමුදා සෙබළා, වහාම ඒ පිළිබඳව ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක හිමියන් දැනුවත් කර අදාළ මියන්මාර ජාතික හිමිනම සම්බන්ධ කර ගෙන ගොඩගම පුරාණ විහාරස්ථානයේදී එම දේපළ සියල්ල සුරක්ෂිතව හිමිකාර විදේශීය හිමිනම වෙත භාර දෙන ලදී.

මෙම සිදුවීමෙන් යුද හමුදා සෙබළා ප්‍රදර්ශනය කළ අවංකභාවය සහ විනයගරුක බව මියන්මාර ජාතික හිමිනමගේ මෙන්ම විහාරාධිපති හිමියන්ගේද ඉහළ පැසසුමට ලක්විය.

මෙම ක්‍රියා කලාපය ශ්‍රී ලංකාවෙ මනුස්සකම නැවත නැවතක් මුළු ලෝකයටම කියාපාන්නාවූ සුවිශේෂී අවස්තාවකි .