වසර19කට පසු පස්දරුපියාගේ ඝාතනය හෙළිවෙයි - කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට

Report

රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී වසර 19 කට පෙර දරුවන් පස් දෙනෙකුගේ පියෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක ඇතුළු හතර දෙනෙකු දෙනියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රොටුඹ, පනාකඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50-56 අතර වයස් වල පසුවන කාන්තාවක ඇතුළු හතර දෙනෙකු බව පොලීසිය සදහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ අනිත් දෙදෙනාද ඔවුන්ගේම ඥාතීන් වේ.

දික්ඔය යු කැලිප්ටස් වගාවක දරුණු ගින්නක්

දික්ඔය යු කැලිප්ටස් වගාවක දරුණු ගින්නක්

 තවද මියගිය අයද සැකකරුවන්ගේ ඥාතීන් බව කියයි.‍ 2006.11.06 දින පස්ගොඩ පිටබැද්දර ප්‍රධාන මාර්ගයේ පනාකඩුව ලී මෝල ඉදිරිපිට බෝක්කුව අසල තිබී දම්පහල, විලයාය,රණසෙවන ලිපිනයේ පදිංචිව සිටී 63 හැවිරිදි රංගොඩගේ පියසිරි යන පස්දරු පියාගේ සිරුර සොයා ගෙන තිබුණි.