සමාජ ආරක්ෂණ බදු කෙටුම්පතට මුදල් සභාවේ අනුමැතිය

Report

2026 අයවැය මගින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා වන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, 2022 අංක 25 දරන මුල් පනතට මෙම සංශෝධන ඇතුළත් කර ඇත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

නව සංශෝධනවලට අනුව 2026 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම 2026 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයන අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී මෙම බද්ද අය කිරීමටත්, තොග හෝ සිල්ලර වෙළඳාමේදී එම බද්දෙන් නිදහස් කිරීමටත් නිලධාරීන් විසින් කාරක සභාවේදී කරුණු පැහැදිලි කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සභාපති හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ එකතු කළ අගය මත බද්ද (VAT) යන දෙවර්ගයම සංශෝධනය කර තනි බදු වර්ගයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයයි. දැනට පවතින බදු ආදායම් මට්ටම නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරියේදී බදු ව්‍යුහය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව නිලධාරීහු එහිදී සඳහන් කළහ.

මීට අමතරව අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් නිකුත් කර ඇති 2026 අංක 01 දරන අපනයන ඉපැයීම් රීති සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් - ගුවන් සේවයෙන් කිසිදු විටක මෙවැනි තොරතුරු ඉල්ලන් නෑ ප්‍රවේශමෙන්

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් - ගුවන් සේවයෙන් කිසිදු විටක මෙවැනි තොරතුරු ඉල්ලන් නෑ ප්‍රවේශමෙන්

මේ හරහා 2024 වසරේ පැවති රීති රාමුව සංශෝධනය වන අතර, මීට පෙර අපනයනකරුවන්ට තම ආදායමෙන් 10%ක් ආයෝජනය කළ හැකි වූයේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල (SLDBs) පමණි.

එහෙත් නව රීති මඟින් එම සීමාව ඉවත් කර ඇති බැවින් අපනයනකරුවන්ට දැන් රජය විසින් නිකුත් කරනු ලබන විදේශ මුදලින් නිරූපිත ඕනෑම ණය සුරැකුමක එම මුදල ආයෝජනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.