අල්ලස් කොමිසමේ කැඳවීම ජනපති දැනගත්තේ රනිල්ගේ ෆේස්බුක් ගිණුමෙන්ලු – නලින්ද කියන කතාව

Ranil Wickremesinghe Sri Lanka Cabinet Nalinda Jayatissa Sinhala news
By Shehan Apr 29, 2025 09:50 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් විමර්ශන කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බව ජනාධිපතිවරයා දැනගත්තේ රනිල් වික්‍රමසිංහගේම සමාජ මාධ්‍ය ගිණුම්වලින් විය හැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අප්‍රේල් 11 වන රාත්‍රියේදී, රනිල් වික්‍රමසිංහ සිය සමාජ මාධ්‍ය හරහා ඔහුට එදින අල්ලස් කොමිසමට පැමිණිය නොහැකි බවත්, ඔහු 17 වෙනිදා කැඳවූ බවත් ප්‍රකාශ කර තිබුණා යැයිද අමාත්‍යවරයා පැවසීය. එම තොරතුරු රහසිගත නොවන අතර පොදු තොරතුරු බවද ඔහු අවධාරණය කළේය.

'අනුර ටොම් පචයෙක්' - සජිත්ට මල පැනලා

'අනුර ටොම් පචයෙක්' - සජිත්ට මල පැනලා

අමාත්‍ය ජයතිස්ස මේ බව සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට එවැනි තොරතුරු දැනගන්න හැකිදැයි කරුණු මතු කළේට පිළිතුරක් ලෙස අද (අප්‍රේල් 29) කැබිනට් මාධ්‍ය හමුවේදීය.

“අප්‍රේල් 11 දා රාත්‍රියේ ඔහුම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් මේවා කියලා තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයාට ඒ ගැන දැනගන්න තිබෙන්නේ ඒ හරහා. සමහරවිට රනිල්ට ඒ වාක්‍යය තමන්ම කිව්ව කියලා අමතක වුණා වෙන්න පුළුවන්,” යැයිද අමාත්‍යවරයා කියා සිටියේය. 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

ReeCha