'අනුර ටොම් පචයෙක්' - සජිත්ට මල පැනලා

Anura Kumara Dissanayaka Sajith Premadasa Current Political Scenario Sinhala news
By Shehan Apr 29, 2025 08:42 AM GMT
Shehan

Shehan

Report

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ජනතාව සුබ නැකැතින් රට ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදුන් නමුත්, ඔහු ජනතාවට සේවය කිරීම වෙනුවට රට තුළ බොරු සංස්කෘතියක් ගොඩනැගූ බවයි.

දෙවිනුවර ආසනයේ සමගි ජන බලවේගයේ කොට්ඨාස බලමණ්ඩලය අමතමින් ඔහු මෙසේ පැවසීය;

සජිත්ගේ කොන්ද නැතිකම ගැන සාගල රටටම කියයි

සජිත්ගේ කොන්ද නැතිකම ගැන සාගල රටටම කියයි

"ජනතාව අද විශාල ආර්ථික අපහසුතාවකට පත්ව ඇත. උත්සව සමයේ බඩු මිලවල සහනයක් ලබාදුන්නේ නැත. එක පැන් පහරකින් සියල්ල කරන බව කී නමුත්, කිසිවක් ඉටුවී නැත. විදුලි බිල 33%කින් අඩු කරන බව කීවත්, එය සිදුවී නැත. සියයට 10ක අඩුවීමක් සිදුවූයේ මහජන උපයෝගීතා කොමිසමේ උත්සාහයෙන් පමණි. මේ ආණ්ඩුව බොරු ප්‍රචාර පමණක් කරයි. ලොකු කතා කියා බලයට පත්වූ මේ ආණ්ඩුව ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලබාදී නැත.

වරායෙන් බඩු ගෙන්වීමේදී ඇමැතිවරුන්ට, නිලධාරීන්ට, ජාවාරම්කරුවන්ට යන පංගු ඉවත් කරන බව කීවත්, එය ඉටුවී නැත. ජනතාව මත බදු බර පැටවීම හැර, වෙනත් සහනයක් ලබාදී නැත. උපාධිධාරීන් 35,000කට රැකියා හෝ සහන ලබාදෙන බව කීවත්, එය ඉටුකර නැත. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අප පමණි. ණය උගුලෙන් රට මුදවන බව කීවත්, තවදුරටත් ණය ගැනීම සිදුවේ. මේ ආණ්ඩුව බොරු කීමේ දක්ෂතාවයෙන් ලෝක කුසලානයක් පවා දිනිය හැකිය. අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කරන බව කීවත්, එයද ඉටුවී නැත. ජාතික ජන බලවේගයේ නායකයා රට පුරා රැස්වීම්වලදී බොරු පොරොන්දු පිරිනමයි.

කාලගුණයෙන් රතු නිවේදනයක් - අදත් තද වැසී

කාලගුණයෙන් රතු නිවේදනයක් - අදත් තද වැසී

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මේ බොරුවලට නොරැවටී, සමගි ජන බලවේගයට බලය ලබාදෙන බව අපට විශ්වාසය. සහනාධාර වැඩි කරන බව කීවත්, ගොවීන්ට පොහොර සහනාධාර හෝ වගා හානි වන්දි ලබාදීමට මේ ආණ්ඩුව අපොහොසත් වී ඇත. සුබ නැකැතින් රට භාරදුන් ජනතාවට ලැබුණේ බොරු පමණි. මෙම තත්ත්වය තවදුරටත් ඉවසිය නොහැක.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව මේ බොරු පරාජය කරමු. ජනාධිපති අනුර කුමාර දිසානායක රැස්වීම්වලදී බොරු කතා කරමින්, පරාජිත පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන නොදෙන බව කියයි. අපි බලය තිබුණත් නැතත්, ජනතාව වෙනුවෙන් වැඩ කරන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති අතර, හෙටත් එසේම කරන්නෙමු"

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

ReeCha