මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 6ක සිර දඬුවම්

By Sithumi Aug 15, 2022 04:24 PM GMT
Report

මියන්මාරයේ නෙරපා හරින ලද නායිකා අවුන් සාන් සුකීට මියන්මාර අධිකරණය විසින් තවත් දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු කර ඇති අතර ඇයට තවත් වසර හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක්කර තිබුණා.

77 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් අධිකරණ තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.