30 වසරකට පසු පච්චයකින් හෙළි වූ ඝාතන අභිරහස. - (VIDEO)

Crime Death World
By Wayomi Nov 16, 2023 12:39 PM GMT
Wayomi

Wayomi

Report

වසර 30කට වැඩි කාලයකට පසු දියත් කළ පොලිස් මෙහෙයුමකින් බෙල්ජියමේ දී ඝාතනයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඇයගේ සුවිශේෂී පච්චය හේතුවෙන් මෙම තොරතුරු හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

රීටා රොබට්ස් නම් මෙම කාන්තාව පවුලේ අය සමඟ අවසන් වරට සම්බන්ධ කරගත්තේ 1992 මැයි මාසයේදී තැපැල් පතක් හරහා වන අතර ඇයගේ සිරුර ජුනි මාසයේදී බෙල්ජියමේදී සාහසිකව ඝාතනය කර ගඟක ඇති දැලක පැටලී තිබියදී හමුවී ඇත.

30 වසරකට පසු පච්චයකින් හෙළි වූ ඝාතන අභිරහස. - (VIDEO) | Murder Mystery Revealed After 30 Years

ඇය සුවිශේෂී නියොන් ක්‍රීඩා ඇඳුම් ඇඳ සිටි අතර ඇගේ වඩාත් කැපී පෙනෙන ශාරීරික ලක්ෂණය වූයේ ඇගේ වම් නළලෙහි කොළ පැහැති කොළ සහිත කළු මලක සහ යටින් 'R'Nick' ලෙස සටහන් කර ඇති පච්චයකි.

මේ වසරේ ඇගේ සිරුර හඳුනාගැනීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයක් දියත් කරන තෙක් සහ ඥාතියෙකු ඇගේ පච්චය හඳුනා ගන්නා තෙක් ඇය වසර තිහක් කවුරුන්ද යන වග හඳුනා ගැනීමට නොහැකිව සිට තිබෙනවා. 

30 වසරකට පසු පච්චයකින් හෙළි වූ ඝාතන අභිරහස. - (VIDEO) | Murder Mystery Revealed After 30 Years

Operation Identify Me නමින් යුරෝපයේ ඝාතනයට ලක් වූ අය ගැන තොරතුරු විමර්ශනය කිරීමට මෙම වසර මුලදී වැඩසටහනක් දියත් කර ඇති අතර එමගින් කාන්තාවන් විසි දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

එහිදී Rita මහත්මියව පමණයි දැනට හඳුනා ගැනීමට හැකි වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇයගේ පවුලේ අය පැවසුවේ කාලයකට පසුව හෝ මරණයේ තොරතුරු අනාවරණය කර ගැනීම පිළිබඳව කෘතඥ වන බවයි.   


ReeCha