එක් අයෙක් කනත්තෙ නතර කෙරූ දෙමස්සිනාලගේ දුර ගිය කතාබහ..
මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පැවසීය.
බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ලසන්ත පුෂ්ප කුමාර නමති 30 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති අතර මියගොස් ඇති පුද්ගලයා හා මස්සිනා අතර ඇතිවූ කතාබහකින් පසු ගැටුම සිදුව ඇති බවත් මියගොස් ඇති පුද්ගලයා ගේ පියාද ගැටුමට මැදිහත්ව ඇති බවත් සදහන් වේ.
මියගොස් ඇති පුද්ගලයා දෙපා සහ දෑත්වලට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයක වැටී සිටියදී 1990 සුවසැරියෙන් ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වන විටත් මියගොස් සිට ඇති අතර ඝාතකයාද කැපුම් තුවාල ලබා සිට පොලිසියට පැමිණ රෝහල් ගතවන බව දන්වා නාගොඩ රෝහලට ගොස් ඇතුළත්ව, පසුව සොයාබලීමේදී ඉන් පැනගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව මොරොන්තුඩුව ස්ථාස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් සැකකරු සොයා පරීක්ෂණ සිදුකරති.
