දේශබන්දු හෙට සාක්ෂි දෙන්න එයි

Deshabandu Tennakoon Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 22, 2025 11:35 AM GMT
Hashini

Hashini

Report

මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (23දා) පළමුවරට සාක්‍ෂි ලබාදීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම පරීක්ෂණ කමිටුව හමුවේ දින අටක් තිස්සේ සාක්‍ෂිකරුවන් 28 දෙනෙක් ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කමිටුව හමුවට ඉදිරිපත් කළ සාක්‍ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම ඉකුත් 20දා අවසන් විය.

දැනට රාජකාරි අවශ්‍යතාව මත විදෙස් ගතවී සිටින පැමිණිල්ලේ තවත් සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙම මස 26 වැනිදායින් පසුව කැඳවීමට කමිටුව එකඟතාව පළ කළේය.

මෙන්න රටවල් තෙල් නැතිවෙන නිසා කලින්ම රුසියාවෙන් තෙල් පුරවගත්ත ඉන්දියාව

මෙන්න රටවල් තෙල් නැතිවෙන නිසා කලින්ම රුසියාවෙන් තෙල් පුරවගත්ත ඉන්දියාව

එසේම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා සාක්‍ෂිකරුවන් 15 දෙනෙකු නම්කර ඇති අතර ඔවුන් එළැඹෙන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා සාක්‍ෂි ලබාදීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), විනිසුරු එම්.එන්.පී. ඉද්දවෙල, ජාතික පොලිස් කොමිසමේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම පරීක්ෂණ කමිටුව රැස්වේ.

මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම කමිටුවේ නිරීක්ෂකයෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටි නමුත් ඔහු සාක්‍ෂිකරුවෙකු ලෙස ප්‍රකාශ ලබාදීම සිදුකරනු ලබන්නේ 23දා පළමු වරටය. 

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

ReeCha