ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

Report

ඊශ්‍රායල යුද්ධය නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ටත් තර්ජනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.එවැනි තත්ත්වයක් තුළ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ දවස පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවය. ඒ අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.