සෝලා මිල අඩු කරලා මාලිමාව බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරනවා

Sajith Premadasa Government Of Sri Lanka National People's Power - NPP Sinhala news
By Mithu Jun 22, 2025 04:01 PM GMT
Mithu

Mithu

Report

වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රුපියල් 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සහ ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේ සූර්‍ය බලශක්ති ඒකකයක මිල අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණයට ප්‍රතිචාර දක්වමිනි.

රජය ගෙන ඇති මෙම පියවර නිසා කුඩා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්ව ඇති බවත් ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි ප්‍රමාණයකට මේ කෝෂක පැනල ගාස්තු 45%කින් අඩු කිරිම අහිතකර ලෙස බලපා ඇති බවත් ඔවුන්ගේ රැකියා ද අවදානම් වී ඇති බවත් මුළු ක්ෂේත්‍රයම ගැටලු රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට බලශක්ති අර්බුධයක් ඇති මොහොතක 2024 වසර වන විට මෙගාවොට් 500ක දායකත්වයක් අපේ බලශක්ති පද්ධතියට සූර්ය බල ක්ෂේත්‍රය හරහා උත්පාදනය වූ බවත් රජයේ තේමාව වන්නේ 70%ක පුනර්ජනනීය බලශක්තියට යාම වුවත් වත්මන් රජය සූර්ය බලශක්තිය හා පුනර්ජනනීය බලශක්තිය විනාශ කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කරන්නට යන බවත් ක්‍රමයේ වෙනසක් නොව පවතින ඉන්ධන බලශක්ති මාෆියාව ඉදිරියට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

සූර්ය බලශක්තිය තුළින් රටේ මූල්‍ය ස්ථායිකරණය වසර 20කට ලැබෙන බවත් දීර්ඝ කාලීනව ඉතිරි කිරීමක් සිදුවන බවත් ඊට අමතරව පරිසර හිතකාමී ක්ෂේත්‍රයක් බවත් ඉන්ධන යොදා ගන්නා විට මිල ස්ථායිථාව නොමැති බවත් පරිසරයට ද විශාල බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එම නිසා තීරණය ගැන නැවත සිතා බලන ලෙසත් ඉන්ධන මාෆියාව ඉඩ නොදී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ලෙසත් ගජමිතුරු ඉන්ධන බල මාෆියාව මේ රජයද ගිලගෙන අවසන් බවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සෛරීත්වය වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

ReeCha