ඉරාන ජනපතිගෙන් විනාඩි 45ක් ෆෝන් එකෙන් දුක අහපු අගමැති

Narendra Modi India Iran Iran President Sinhala news
By Kaushi Jun 22, 2025 01:15 PM GMT
Kaushi

Kaushi

Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දින දුරකථයෙන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

ඒ අනුව අඳාළ ඇමතුම අතරතුර ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කළාපයේ ආතතීන් ඉහළ යන බව සාකච්ඡා කර තිබෙනවා.

එසේම මෙම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීමට සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බවද පවසා ඇත.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා මේ පිළිබඳව තම X ගිණුමේහි ද සටහනක් තබමින් කියා ඇත්තේ,

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

"ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සමඟ කතා කළා. වත්මන් තත්ත්වය පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. මෑත කාලීනව ඇති වූ ගැටුම් පිළිබඳව දැඩි කණගාටුව පළ කළා. කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, වහාම ගැටුම් අවම කිරීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යොමු වන ලෙසට අපගේ ඉල්ලීම යළි අවධාරණය කළෙමු." යනුවෙන්.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දුරකථන ඇමතුම මිනිත්තු 45 ක් පමණ කාලයක් පැවති බවයි.

එහිදී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීගේ ඉල්ලීමට ස්තූතියද පළ කළ බව සඳහන්.

එසේම එහිදී ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බවද පවසා ඇති බව වාර්තා වෙයි.

ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

ReeCha