මට ගොඩක් සතුටුයි කෝටි 47 දිනූ සැගවුණු අමුත්තා
පසුගියදා ලංකා ඉතිහාසයේ විශාලම ලොතරැයි ජයග්‍රහණය ලබා ගැනීමට ජයග්‍රාහකයෙක් වාසනාවන්ත විය.ඔහු රුපියල් කෝටි හතළිස් හතක මුදලක් දිනාගත් අතර මේ වන විටත් ඔහු කවුද කියන්නේ ප්‍රසිද්ධ කර නැත.
ඒ අනුව ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කර නැති අවස්ථාවක එම වාසනාව උරුම වූ ඒ ටිකට් පත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල අලෙවි නියෝජිතවරියක වූ එච්.ඒ ජානකී හේමමාලි බව සඳහන් විය. ඇය තම ලොතරැයි ගොන්නෙන් මතු වූ වාසනාව පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබෙනවා. .
''මට ඇති වූ සතුට කියා නිම කරන්න බැහැ. මගේ අලෙවි ස්ථානයකින් රුපියල් කෝටි 47කට අධික කෝටිපතියකු බිහි වීම ගැන මට දැනෙන්නේ විශාල සතුටක්. ඒ වගේම අපේ අලෙවිය වර්ධනය කරගැනීමට එය විශාල රැකුලක්. මම ඉදිරියේදී බැනර් දමා මේ පිළිබඳ ප්‍රසිද්ධ කර මගේ අලෙවිය වැඩි කරගන්නවා.”
ජානකී ලොතරැයි අලෙවි නියෝජිතවරියක ලෙස මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ 2012 වසරේදීය. ඒ, ටිකට්පත් 100කින් හා ක්ෂණික ටිකට් පොතකිනි. එදා සිට ඇය මේ දක්වා නොකඩවා ලක්ෂපතියන්, දස ලක්ෂපතියන්, විසි ලක්ෂපතියන් බිහි කළා පමණක් නොව, ඇයටත් ලක්ෂයේ ලක්ෂ දෙකහාමාරේ දිනුම් ඇදුණු අවස්ථාද තිබී ඇත. මේ වන විට දිනකට ටිකට් 7,000ක අලෙවි ඉලක්කයක් සපුරන ඇය වටා ගෝලයෝ 43 දෙනෙක්ද සේවයේ යෙදී සිටිති.
''මේ ටිකට් පත මගේ ගෝලයන් අතරින් කාගෙන් විකිණුණාද කියලා තාම දන්නේ නැහැ. ජයග්‍රාහකයා පසුගියදා ඉදිරිපත් වුණා. මෙය විශාල ජයමල්ලක් නිසා හැම දෙයක්ම රහසිගතව සිදු වෙන්න පුළුවන්. ඒ ආරක්ෂක පියවරක් වශයෙන්.”
