හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි - ඉන්ධන මිල ඉහළ යාමේ දැඩි අවදානමක්
ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 7කට වැඩි කාලයක් යුද්ධයක් පවතින අතර, ඉරානයේ ෆෝඩෝව්, ඉස්ෆහාන්, සහ නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද හමුදා විසින් එල්ල කළ ප්‍රහාර මධ්‍යම පෙරදිග ආතතිය තවදුරටත් උත්සන්න කර ඇත.
මෙම ගැටුම්කාරී පසුබිම තුළ, ඉරාන පාර්ලිමේන්තුව ලෝක බොරතෙල් ප්‍රවාහනයේ තීරණාත්මක කොටසක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ලෝක බොරතෙල් සැපයුමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා නැව් මගින් ප්‍රවාහනය වන හෙයින්, මෙම තීරණය ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමට හේතුවිය හැකි බව විශ්ලේෂකයෝ අනතුරු ඇඟවති.

ඉරාන – ඇමරිකා යුද්ධෙ නිසා කාටත් කළින් කෙළ වෙන්නේ අපිට, මේ පාර ගොඩ ඒමක් නැති බවට ආර්ථික විශේඥයන්ගෙන් සහතික
බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් පෙට්‍රල්, ඩීසල්, සහ ගෑස් ඇතුළු ඉන්ධන මිල ද ඉහළ යා හැකි බවට පුරෝකථනය කෙරේ. මෙය ගෝලීය ආර්ථිකයට, විශේෂයෙන් ඉන්ධන මත රඳා පවතින රටවලට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකිය.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට
ඉරානයේ මෙම තීරණය එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස සැලකෙන අතර, මධ්‍යම පෙරදිග ආතතිය තවදුරටත් උත්සන්න වීමට හේතු විය හැකි බවට ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු ඇඟවී ඇත. මෙම තත්ත්වයේ ඉදිරි වර්ධනයන් ලෝක බලශක්ති වෙළඳපොළට සහ භූ-දේශපාලනික තත්ත්වයට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
