මම මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ..ලෝකෙම පිස්සු වට්ටපු කඩවසම් කුමාරයා මේඝ කලා ලෝකේ කළඹමින් කියපු කතාව මෙන්න[photo]
ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න උත්සාහ කළ බොහෝ දෙනෙක් අද වන විට ලංකාවේ ඉන්නවා.
ඒ අතරෙන් බොහෝ දෙනා සාර්ථක වෙලා තියෙන්නෙත් ලක් මවට ගෞරවයක් කීර්තියක් එක්කර දෙමින්.
එහෙම කීර්තියක් එක් කළ පුද්ගලයෙක් විදිහට අපිට මේඝ සූරියආරච්චිව ගඳුන්වන්න පුළුවන්.
පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 වර්ෂයේ වියට්නාමයේ තිබුණු මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ඔහු සමත් වෙන්වා.
ඒ විතරක් නෙවෙයි ඔහු 'National Costume People’s Choice' හෙවත් ජාතික අනන්‍යතාවය විදහා දැක්වෙන ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වෙනවා.
ඒ වගේම මිස්ටර් වර්ල්ඩ් තරගයේ පළමු 10 දෙනා අතරට ගිය පළමු ශ්‍රී ලාංකිකයා විදිහටත් ඔහු ඉතිහාසයට එකතු වෙනවා.
ඉතින් ඔන්න හැමෝවම පිස්සු වට්ටපු ඒ මේඝ ගැන තවත් ආරංචියක් මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹනවා.
ඒ තමයි රංගන ශිල්පියෙක් විදිහට ඉන්න මේඝ සූරියආරච්චි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.
ඔහු මේ ගැන පුවත්පතකට කිව්වා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒ සටහන පහතින්, " මම අධ්‍යක්ෂණයට තමයි මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ.ඒත් එක්ක මම පොඩි කාලයේ ඉඳලම සිනමාවේ අධ්‍යක්ෂණයට යොමු වෙන්න හීන මවපු කෙනෙක්. ඒ වගේම ඒ ගැන ස්වයං අධ්‍යයනයක යෙදුණු කෙනෙක්. මගේ වැඩිදුර අධ්‍යාපනයේදී යොමු වෙන්නෙත් ඒ පැත්තට තමයි. ඒත් එක්කම මගේ පළමු වැනි සිනමා නිර්මාණය මැරීන් ඩ්‍රයිව් ඩිරෙක්ට් කළා. ඒක නුදුරේදීම සිනමාහල්වලට නිකුත් වෙන්න නියමිතයි. එතැනින් එහාටත් මම අධ්‍යක්ෂවරයෙක් හැටියටත් රංගන ශිල්පියකු විධියටත් මාව මුවහත් කරගෙන නිර්මාණ කරණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා."
හොඳම දේ කියන්නේ මේඝ කියන්නේ කලාකරුවෙකුට අමතරව සිනමාව සම්බන්ධයෙන් කටයුතු කරන කථිකාචාර්යවරයෙක් වීම.
ඉතින් ඉදිරියෙදි මේඝ අධ්‍යක්ෂණය කළ නිර්මාණයක් වෙනුවෙන් ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිස ගොඩක් ආසාවෙන් බලන් ඉන්න බව නම් අමතක කරන්න බැහැ.






