සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Report

දහම් පාසල් සිසුන් පිරිසකට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන තමයි මේ කියන්න සූදානම.දහම් පාසලට පැමිණි මෙම සිසුන් බඹර දෂ්ට කිරීමකට ලක්වී තිබේ.. මෙලෙස අද(22) උදෑසන බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිද්දෙණිය ශ්‍රී සුමංගල දහම් පාසලේ සිසුන් පිරිසකි. දහම් පාසලේ විවේක කාලයේදී බුදු මැදුරේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සි ඇති බවයි වාර්තාවන්නේ. ඒ වන විට එළිමහනේ සිටි සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

ඉන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වූයේ. ඉන් හැට දෙනෙක් ඇතුළත් කර ඇත්තේ මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලටයි. එලෙස ඇතුළත් කළ හැට දෙනා අතරින් 44 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් තවත් තවත් 16 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා. එසේම කටුවන ප්‍රාදේශීය රෝහලටත් සිසුන් දෙදෙනෙක් තලාව කාරියමඩිත්ත රෝහලට සිනින් හත් දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

ඇඹිලිපිටිය රෝහලට එක් සිසුවෙක් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මිද්දෙණිය පොලිසිය, විහාරස්ථානයේ විහාරාධිපති සුදම්ම හිමියන් දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවන් කඩිනමින් රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා. වනජීවි නිලධාරීන් පැමිණ ස්ථානය නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ රාත්‍රී කාලයේදී බඹර කූඩුව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්