උපාධිධාරී තරුණිය උස්සන්න ආ තරුණයෙක්ට සිදුවූ දේ.."නංගි නැත්තන් අක්ක අරන් වනවා"
උපාධිධාරී තරුණියක බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව කියන තිදරු පියකු පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රොටුඹ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. උපාධිධාරී තරුණිය මියගිය තැනැත්තා සමග කලකට ඉහත ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එම සබඳතාව තරුණිය විසින් නතර කර දමා ඇති අතර, මෙයට උරණ වූ පෙම්වතා ඇයට දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කර ඇත.
මෙම සිද්ධිය වීමට පෙර දිනයේද (3) මොහු තරුණියට බැණ තර්ජනය කර ඇති අතර, තරුණියගේ දෙමාපියන් ඒ ගැන පොලිසියටද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත්, මොහු පෙරේදා තරුණියගේ නිවසට පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් තරුණිය සොයා ඇත.
ඇය එම මොහොතේ නිවසේ සිට නොමැති අතර, නංගි නැත්නම් අක්කා හෝ රැගෙන යන බවට අදාළ පෙම්වතියගේ සහෝදරිය දැක පවසා තිබේ.
එහිදී නිවැසියෝ අදාළ පුද්ගලයාට පොලු මුගුරුවලින් පහර දී ඇතැයි කියති.
මරණය සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.