මිතුරන් අතරේ ගැටුමක්.. එක් අයෙකු මරුට…

Accident Murder Sri Lanka Jaffna
By Aruna Dec 05, 2021 02:30 AM GMT
Aruna

Aruna

Report

මෙලෙස පහරදීගෙන ඇත්තේ 30 වනදා සවස වන අතර එහිදී මිතුරන් දෙදෙනෙකු විසින් කිසියම් හේතුවක් නිසා මියගිය මිතුරාගේ නිවසට පැමිණි අනෙක් තරුණයා සමග සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතරුව මුගරකින් සිදුකල පහරදීමකින් මෙලෙස එක් අයෙකු මිය ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එක් මිතුරෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින මෙලෙස මිය ගොස් ඇත.

එලෙස පහරදීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වූ රාමයියා රාමජෙයම් නමැති අයකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව ඇති අතර පහරදීම සිදුකල අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now