මුල්ලේරියාවේ වෙඩිතැබීමට ආවේ 18 තරුණියක්?..කතුන් 02ක් අල්ලා ගනී.

Police Sri Lanka Hambantota Mulleriya murder
By Aruna Nov 12, 2021 02:43 AM GMT
Aruna

Aruna

Report

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හා 55 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

මෙම සැකකාරියන් දෙදෙනා බොරැල්ල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකාරිනියන්. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ලද තොරතුරකට අනුව කළ විමර්ෂණයකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 26 වනදා මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකෙරුණි.

එහිදී එම පුද්ගලයන් සම්පූර්ණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණ නිවසේ තුළට පැන වෙඩි තබා ඇත.

එම අවස්ථාවේ කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර වෙඩි වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha