වැරදීමකින් මවකගේ උදරයට ගෝස් කිලෝවක් දමා මහලා - මෙරට රෝහලකින් ඇහෙන අතිශය බිහිසුණු පුවත..
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු 27 වනල් දා ඉල්ලීමක් කොට තිබෙනවා.
මෙහිදී, බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කර ඇත්තේ, දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ තම බිරිද රෝහලේදී සීසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඉන් පසුව ඇගේ උදරයේ හට ගත් වේදනාව දින ගණනාවක් යන තුරුත් පහව ගොස් නොමැති නිසා ඇයව වාර 12 ක්ම මුලතිව් රෝහලට රැගෙන ගිය බවත් ය.
අදාල ස්වාමි පුරුෂයා විසින් සිදුකළ පැමිණෙන්නේ, වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාටත් තම බිරිදටත් සිදු වූ මානසික කම්පනය හා බිරිදගේ ශාරීරික වේදනාව වෙනුවෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වග කිව යුතු වෛද්‍යවරුන්ට කිසියම් දඩුවමක් ලබා දිය යුතු බව වෙනවා.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පත් කොට තිබෙන බව සඳහන්.
