විශාල සන්ධිස්ථානයක් - ලංකාවේ TIN අංකය ගත් පිරිස හිතාගන්න බැරිතරම් ඉහළට
ශ්‍රී ලංකාව තුළ බදු හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ඇති පුද්ගලයින් සහ ආයතන සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, මෙම ප්‍රගතිය රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස එය සැලකිය හැකි බවයි.
බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන TIN ලියාපදිංචි කිරීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් විධිමත් කිරීම සහ බදු ආදායම් කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය අත්‍යවශ්‍ය මෙවලමක් බවත් රජය පෙන්වා දෙයි.
TIN අංකයක් ලබා ගැනීම තුළින් රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් අවම කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.