ස්වයංක්‍රීය වාහන යුගයට නව හැරවුමක් — ලෝකයේ පළමු නීතිමය ප්‍රමිතිය අනුමතයි

Report

ස්වයංක්‍රීය ධාවන පද්ධති සඳහා ලෝකයේ පළමු ගෝලීය තාක්ෂණික නියාමනය චීනය සහ තවත් රටවල් කිහිපයක් එක්ව සකස් කර අනුමත කර ඇතැයි චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ADS GTR ලෙස හඳුන්වන මෙම නියාමනය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ වාහන නියාමන සමුළුවකදී (WP.29) අනුමත කර ඇත.

මෙයට චීනය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කැනඩාව සහ ජපානය සහභාගී වී ඇත. මෙම නව නීති මගින් ස්වයංක්‍රීය ධාවන වාහන සඳහා අවශ්‍ය මූලික තාක්ෂණික කොන්දේසි සහ ආරක්ෂක නීති සකස් කර ඇත.

මෝදිගේ විශේෂ සීෂෙල්ස් ගමන - ලෝකයේ වයස්ගතම කැස්බෑවාත් බලන්න යයි

මෝදිගේ විශේෂ සීෂෙල්ස් ගමන - ලෝකයේ වයස්ගතම කැස්බෑවාත් බලන්න යයි

වාහන නිෂ්පාදනයේ සිට භාවිතය දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය ආවරණය වන නීති රාමුවක්ද මෙය මගින් ලබා දේ. මෙම නීති සකස් කිරීමේදී චීනය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති අතර, තම පරීක්ෂණ දත්ත සහ තාක්ෂණික යෝජනා අනෙක් රටවල් සමඟ බෙදාගෙන ඇත.

චීනය කියා සිටින්නේ, ස්වයංක්‍රීය ධාවන වාහන සඳහා තවදුරටත් ජාතික මට්ටමේ නීතිද සකස් කරමින් සිටින බවයි.

Level 3 සහ Level 4 වැනි උසස් ස්වයංක්‍රීය ධාවන පද්ධති සඳහා වඩාත් පැහැදිලි තාක්ෂණික නීති හඳුන්වා දීමටද සැලසුම් කර ඇත.

එමෙන්ම, මෙම තාක්ෂණය වැරදි ලෙස භාවිතා වීම වැළැක්වීම සඳහා පරිශීලක පුහුණුව සහ දැනුවත් කිරීමද වැඩිදියුණු කරන බව චීන බලධාරීහු පවසති.

චීන ජනපති සහ බංග්ලාදේශ අගමැති අතර හමුවක්

චීන ජනපති සහ බංග්ලාදේශ අගමැති අතර හමුවක්