ඉරාන හමුදා ඉලක්කවලට ඇමරිකානු ගුවන් ප්‍රහාර - භාණ්ඩ නෞකාවට කළ ප්‍රහාරය දුරදිග යයි

Report

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් කරමින් තිබූ වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු, ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන කාර්යාලය (CENTCOM) නිවේදනය කර තිබේ.

CENTCOM සඳහන් කළේ, ඉරානයට අයත් මිසයිල සහ ඩ්‍රෝන ගබඩා පහසුකම් මෙන්ම වෙරළබඩ රේඩාර් ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි. වාණිජ නෞකා ඉලක්ක කර ගනිමින් ඉරානය සිදු කළ ප්‍රහාරය සටන් විරාම එකඟතාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවද එම නිවේදනයේ දැක්වේ.

මැදපෙරදිග සාමයට නව බලාපොරොත්තුවක් - ඊශ්‍රායලය ලෙබනනය මූලික එකඟතාවකට

මැදපෙරදිග සාමයට නව බලාපොරොත්තුවක් - ඊශ්‍රායලය ලෙබනනය මූලික එකඟතාවකට

කෙසේ වෙතත්, මෙම ගුවන් ප්‍රහාර මගින් පුළුල් යුද මෙහෙයුම් යළි ආරම්භ කිරීමක් අදහස් නොවන බව ඇමරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. මේ අතර, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. එහෙත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ, ඉරානය සටන් විරාම ගිවිසුමට අත්සන් තබා තිබියදී එය උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත්, “ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචණ්ඩත්වයෙන්ම පිළිතුරු දෙනු ඇති” බවත්ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරය “මෝඩ සහගත ලෙස සටන් විරාමය උල්ලංඝනය කිරීමක්” ලෙස හැඳින්වූ අතර, එහි ප්‍රතිවිපාක පිළිබඳව විමසූ මාධ්‍යවේදීන්ට “ඉදිරියේදී ඔබට දැනගත හැකි වේවි” යනුවෙන් පමණක් ප්‍රතිචාර දක්වා තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව, ඉරානය ඩ්‍රෝන හතරක් භාවිත කර නෞකාව ඉලක්ක කර ඇති අතර, එක් ඩ්‍රෝනයක් නෞකාවේ ඉහළ කොටසට වැදී හානි සිදු කළද, නෞකාව සිය ගමන ඉදිරියටම කරගෙන යාමට සමත් වී ඇත.

සෙසු ඩ්‍රෝන තුන ඇමරිකානු ආරක්ෂක අංශ විසින් විනාශ කළ බවද ඔහු සඳහන් කළේය. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් අධිකාරිය (UKMTO) ප්‍රකාශ කළේ, නෞකාවේ දකුණු පැත්තට ප්‍රක්ෂේපණයක් වැදී පාලම් කොටසට හානි සිදු වී ඇති නමුත්, ජීවිත හානි හෝ පාරිසරික බලපෑම් කිසිවක් වාර්තා වී නොමැති බවයි.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව සිදුවූ පළමු බරපතළ ගැටුම ලෙසයි.

නැවතත් පළි ගන්න සැරසෙන ට්‍රම්ප් - ලෝකෙම බය වෙද්දි මේ රටවලට 100% ආනයන බද්දක් පනවන බවට ට්‍රම්ප් දිව්රයි

නැවතත් පළි ගන්න සැරසෙන ට්‍රම්ප් - ලෝකෙම බය වෙද්දි මේ රටවලට 100% ආනයන බද්දක් පනවන බවට ට්‍රම්ප් දිව්රයි