මෝටර් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..දෙදෙනෙක් මියයයි..

Sri Lanka Police Accident Death
By Aruna Apr 14, 2024 05:31 AM GMT
Aruna

Aruna

Report

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි කෝවිල අසල දී අද (14) උදෑසන මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

බණ්ඩාරවෙල දෙස සිට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.