විහාරස්ථානයක් අසල ඥාතීන් විසින් අතරමං කර දමා ගිය අසරණ වූ මව

BELLANVILA VIHARA ROAD
By Sewvandhi Nov 20, 2021 05:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බෙල්ලන්විල විහාරස්ථානය යාබද විහාර මාවතේ මීට සති දෙකකට පමණ පෙර කිසිවෙකු විසින් මවක් අතරමං කර දමා ගොස් ඇති සිදුවීමක් වාර්තා වෙනවා.

වයස අවුරුදු අසූවක් පමණ වන එදිරිසිංහ ආරච්චිගේ සුමනාවතී නම් වන ඇය දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවත් ඥාතීන් සියලු දෙනා තමන්ට පහර පහර දී පන්නා දැමූ බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා මෙම ස්ථානයට පැමිණි ආකාරය පිළිබඳ කළ විමසීමේදී ඇය ප්‍රකාශ කළේ, ගමේ සිට දින ගණනාවක් පයින් පැමිණි බවත් ,පාරේ ගමන් කරන අතරතුර ආහාර පාරේ යන අයගෙන් ඉල්ලා ගත් බවත් ය.

මේ වන විට ඇවිද යාමට අපහසු බවකුත් මෙම මහලු කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ, මේ පිළිබඳව වගකිවයුත්තන්ට දැනුම් දුන්නත් මෙයින් ප්‍රයෝජනයක් වී නොමැති බවයි.

-------------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO

හෝටල් පරිශ්‍රයේ සිදුවූ දරුණු පිපිරීමේ නවතම දර්ශන.-;

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha