නිවසක ඇතිවූ මාරාන්තික ගින්නකින් මවක් සහ දරුවන් 7ක් ජිවිතක්ෂයට..! (විදෙස්)
උතුරු ප්‍රංශයේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් මවක් සහ දරුවන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැරීසියේ සිට කිලෝ මීටර 80 ක් දුරින් පිහිටි නගරයකින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර දශකයක පමණ කාලයකින් පසු එරටින් වාර්තා වූ මාරාන්තික ගින්න මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ මව දරුවන් සමඟ නිවසේ නිදාගෙන සිට ඇති බව සඳහන්. පියාද ගින්න සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇති අතර ඔහුද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |