කාලගුණයෙන් රතු නිවේදනයක් - අද දවසේ මේ ප්‍රදේශවලට තද වැසි සහ අකුණු අනතුරු
අද (06) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, ජනතාව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම් දී තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු මැද පළාත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමනු ඇති අතර, සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා මධ්‍යම ප්‍රබල සුළං ඇතිවිය හැකිය.
මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි
මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එසේම, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු රළ මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.
හලාවත සිට මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් ද පවතින බැවින් ධීවර සහ නාවික ප්‍රජාව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.