මහා මාර්ග නීති දැඩි වෙයි - ඉස්සරහට සෙල්ලම් බෑ - මහ පාරේම හදිසි පරීක්ෂණ
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර සඳහන් කළේ මොරටුව බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සෙවීම වෛද්‍ය පරීක්ෂණයක් සිදු කල බවයි.
මම හදිසි වෛද්‍ය පරීක්ෂණයේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 250ක් පමණ පරික්ෂණයට භාජනය කල අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇත.
ගංජා මත්ද්‍රව්‍ය පානය කරන පස්දෙනෙකු, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන රියැදුරන් දෙදෙනෙකු සහ අයිස්, හෙරොයින් දෙකම පානය කරන රියැදුරෙකු මෙම පරීක්ෂාවේදී හදුනාගැනීමට හැකි වූ බව තොරතුරු වාර්තා වේ.
මේ අතර, මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ධාවනයට සුදුසු ද යන්න සෙවීම සදහා මොරටුව පොලිසිය ඉදිරිපිට ඊයේ සිදු කළ පරීක්ෂාවකදී නීති විරෝධී ලෙස එක්ලස් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.