වික්ටෝරියා ජලාශයට වැටුණු ලොරිය(VIDEO)(PHOTOS)

accident kandy gampola moragahamula galoya brige
By Sewvandhi Jun 11, 2021 12:36 PM GMT
Report

මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන වික්ටෝරියා ජලාශයට පෙරළී තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් 1600ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ ලොරි රථය බිබිල ප්‍රදේශයේ සිට මහනුවර බලා පැමිණෙමින් තිබියදී මොරගහමුල ගල්ඔයපාලම මතදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මේ දිනවල මහනුවර අවට ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය හොඳින් පිරී තිබීම නිසා මෙම පාලම අසලද විශාල ජල ප්‍රමාණයක් රැඳී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ කටුකිතුල මීගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නැමති එක්දරු පියෙක්. ලොරි රථය මොරගහමුල ගල්මල්ඔය පාලමේ පැති බැම්මක් කඩාගෙන ජලාශයට වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඡායාරූප- Accident 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery