අකුණක් වැදුනු හිමිනම රෝහලට

mavanella lightning suwa sariya dhevanagala temple
By Sewvandhi Jul 09, 2021 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඓතිහාසික මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයේ, භික්ෂූන් වහන්සේ නමකට, අද (09) උදෑසන අකුණුසැර වැදීමෙන් මාවනැල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන පැවති වැසි තත්ත්වය හේතුවෙන් අකුණු වැදීම් කිහිපයක්ම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ උදෑසන දානය වළඳමින් සිටි වයස 21 හැවිරිදි හිමිනමක්, අකුණු සැර වැදී විසි වී එම ස්ථානයේ ඇද වැටී තිබෙනවා. පසුව සුවසැරිය ගිලන් රථයක් යොදාගෙන, මාවනැල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

දෙවනගල පුදබිමට මීට පෙරද අවස්ථා කිහිපයකදී ද අකුණු සැර වැදී එහි තිබු විදුලි උපකරණ රැසක්ම විනාශ වී තිබෙනවා.

භාරකාර ස්වාමින් වහන්සේ විසින් දෙවනගල පුදබිමට අකුරු සන්නායකයක් සවි කර දෙන ලෙස ඉල්ලා තිබුණත්, එය මෙතෙක් අදාළ බලධාරීන් ඉටු කර දී නොමැති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ සඳහන් කළා.

විශාල බැතිමතුන් සහභාගි කරගෙන ආගමික කටයුතු පවත්වන බැවින් ඉදිරියේදි විශාල ජිවිත හානි සිදු විමට මත්තෙන් අකුණු සන්නායකයක් දෙවනගල පුදබිමට සවි කර දෙන ලෙස උන්වහන්සේ බලධාරීන්ගෙන් හෝ ධානපතියෙකුගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha