ATM යන්ත්‍රයකින් මුදල් සොරාගත් සැකකරුවන් අල්ලයි.
මදුරන්කුලිය ප්‍රදේශයේ බැංකුවක ස්වයංක්‍රිය ටේලර් යන්ත්‍රයකින් මුදල් සොරාගැනීමේ සිද්ධියක් වාර්තා වනවා.
මෙලෙස මුදල් සොරා ගෙන ඇත්තේ පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකිනි.
එම මුදල රුපියල් එක්කෝටි හතලිස් නව ලක්ෂයක් පමණ බව සඳහන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය මස 8 වනදා සිදුවූ මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් ඊයේ (17) උදෑසන අනුරාධපුර පොලිස් වසමේ දී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඔවුන් අවුරුදු 28, 32 හා 35 යන වයස්වල පසුවන ගල්ගමුව, වැරැල්ලගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙක් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට හා රැගෙන ඒම සඳහා යන පෞද්ගලික ආරක්ෂක අංශ සේවකයින් දෙදෙනෙකු වන අතර එක් අයෙක් මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙක් වනවා.
සැකකරුවන් විසින් අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ ඇඳුම්, ආරක්ෂිත හිස්වැසුමක්, ආරක්ෂිත කැමරාවට තින්ත ඉසින ලද ස්ප්‍රේ ටින් එකක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මදුරන්කුලිය පොලීසියට භාර දී තිබෙනවා.
