2031 වන විට ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක් - තාක්ෂණය සමඟ ඉදිරියට යන ත්‍රිවිධ හමුදාවක්
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව 2031 වසර වන විට ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නවීන යුද තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තීයමය හමුදාවක් බවට ත්‍රිවිධ හමුදාව පරිවර්තනය කිරීම මෙහි අරමුණ බවයි.
එමෙන්ම, ඩ්‍රෝන යානා මර්දනය කිරීමේ පද්ධති පහක් මිලදී ගැනීම සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
මීට අමතරව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත ආරක්ෂක සමාලෝචන කමිටුවක් ද ස්ථාපිත කිරීමට නියමිත බව ඔහු පැවසීය.
මේ අතර, මීට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා පෙන්වා දී තිබුණේ නවීන යුද උපක්‍රම සැලකිල්ලට ගනිමින්, දැනට පුද්ගල ශ්‍රමය මත වැඩි වශයෙන් රඳා පවතින ත්‍රිවිධ හමුදාව තාක්ෂණය මත පදනම් වූ හමුදාවක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.