සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව ගැන දැනුම්දීමක්.

By Wayomi Oct 29, 2024 05:00 AM GMT
Report

අද (29) දින සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව දෙහිවල නගරයේ ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව පෙරවරු 9.00 සිට විවෘතවන අතර, එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බව සඳහන්.

මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.